04 December 2010

බබා තවම ඇස් ඇරලත් නැතුව ඇතිනේ..........

අපේ සොහාන් කියලා කියන්නේ හිත හොද කොල්ලෙක්. ඒ ගැන තමයි මේ කතාව. ඒ මොනවා උනත් හැමදාමත් අපට ඉන්න හොද බ්යිට් එක තමයි සොහාන්. එහෙම වෙන්න එකම හේතුව පිස්සෙක් වගේ කියවන එකම තමයි.
දැන් ඇති වටේ ගියා මම කතාව කියන්නම්.

ඔන්න ඉතින් අපේ මංජු අය්යට දෙවෙනි promotion එකත් ලැබිලා දෙදරු පියෙක් උනා.
මේ දවස් ටිකේම මංජු අය්යා නිවාඩු.


අපට ආරංචිය ලැබුනු ගමන් අපිත් කතා කරලා wish කරා.
අපේ සොහාන් බුවාටත් මේ ආරංචිය ලැබිලා......
එසැනින් කෝල් එකක් ගත්තා......

…..
මංජු අය්යා…..
all the best ……

Thank you මල්ලි.....

මට පනිවිඩේ හම්බ වෙච්ච ගමන් මම කතා කලේ.......
ඔවු ඉතින් මම දන්නවනේ සොහාන් මල්ලිට මාව අමතක වෙන්නේ නෑ කියලා..........

සන්තෝසයි ඉතින් අපටත්.....

උඹ මොකටද සන්තොස වෙන්නේ, මමනේ තාත්තා...........
මංජු අය්යත් ඇටෑක් එකටම ඇහුවා.

ඔයා සාර්ථක දෙවෙනි පාරටත් තාත්තා කෙනෙක් උන එක ගැන සන්තොසයි කිවෙ.

....... 
එහෙනම් කමක් නෑ.....

ඒක නෙමේ දෑන් කොහොමද බබාට.......
තවම හොස්පිට්ල් එකේද ?

ඔවු මල්ලි තවම දවසයිනේ
හෙට, අනිද්දා දිහාට තමා එක්ක යන්න වෙන්නේ........

බබා තවම ඇස් ඇරලත් නැතුව ඇතිනේ..........
දවස් 45න් නේද ඇස් අරින්නේ.........

ඈ බොල තෝ හිතුවද මට බලු පැටියෙක් හම්බවුනා කියලා ඇස් අරින්න....
ඒ කතාවට මංජු අය්යට නහුතෙට නැග්ගා.

සොහාන් බුවා හෙමීට කෝල් එක කට් කරලා මාරු උනා.


^ Scroll to Top