24 August 2010



පහුගිය දවසක අපේ ගෙදර කට්ටියම ගියා ඈතුගලට එතනදි ගත්ත photos ටිකක් තමා මේ තියෙන්නෙ. 






 මේ බලන්නකො මට වදුරු පෑටියෙක් විරිත්තපු හෑටි. මෙ වගෙ කට්ටිය ගොඩක් ඈතුගලට ඈවිත් හිටියා.


තෑන නම් හරිම ලස්සනයි. යනවනම් උදෙන්ම යන්න, එහෙම යන්න බෑරි උනොත් හවස්වෙලා යන්න. එතකොට තම ලස්සන බලන්න පුලුවන් වෙන්නෙ. දවලක එහෙම ගියොත් ටිකක් විතර තියෙන ශ්‍රද්දාවත් නෑති වෙන්න පුලුවන්








ඔක්කොම photos ගහලා තියෙන්නෙ පිලිමේ පිටිපස්සෙ ඉදන් කියල හිතන්න එපා මම ඉස්සරහටත් ගියා 



මේ තියෙන්නෙ.

08 August 2010

තරහට සහ ආදරයට සීමාවක් නොමෑත



මේ කතාව ටිකක් දුක හිතෙන කතාවක්. මට ඊමේල් එකකින් තමා ලෑබුනේ. ජිවිතයට ගොඩක් වටිනා දෙයක් මේ කතාවෙන් එකතු කර ගන්න තියෙනවා කියලා හිතුන නිසයි මේ කතව දාන්නෙ.

අලුතෙන් කාර් එකක් ගත්තු මේ කියන පුද්ගලයා බොහොම ආදරයෙන් තමන්ගේ කාර් එක පොලිශ් කර කර ඉන්නවලු.
තාත්තා මොනවද කරන්නේ කියලා බලන්න මේ අලුත් කාර් එක ලගට ආපු තවම වයස යන්තම් අවුරුදු හත පිරුනු ඔහුගේ පුතා ලග තිබුන ගල් කෑටයකින් කාර් එක හුරනවා තාත්තා දෑක්කා.
තමන්ගේ අලුත්ම කාර් එකට කරපු මේ දේ දෑකපු තාත්තට යකා නෑග්ගා.
තමන්ගෙ පුතාගෙ අතේ තිබුන ගල් කෑටය උදුරලා ගත්ත මේ තාත්තා පුතාගේ අතට ඒ ගලෙන්ම ගහගෙනෙ ගහගෙන ගියා තමන්ගෙ තරහ නිවෙනකල්ම.
තාත්තගෙ තරහා නිමෙනකොට දරුවගෙ අත හොදටම තුවාල වෙලා. මේ හේතුව නිසා ඒ දරුවට රෝහලේදි ඈගිලිටික අහිමි උනා.
මේ දරුවා දෑක්කා තමන්ගෙ තාත්තා ගොඩක් දුකෙන් බලාගෙන ඉන්නවා...
මේ දරුවා බොහොම අමරුවෙන් තාත්තගෙන් අහුවා
"තාත්තෙ මගෙ ඈගිලි ටික අයෙත් හෑදෙයි නේද" කියලා...
මේ තාත්තට කරකියා ගන්න දෙයක් නෑති උනා,
තමන් අතින් වෙච්ච ආපහු හදන්න බෑරි වෑරෑද්ද ගෑන හිත හිතා ආපහු හරිලා කාර් එක ලගට ආව තාත්තා කාර් එකට ගහගෙන ගහගෙන ගියා
මේ දරුවා කාර් එකේ ලියලා තිබුනු "තාත්තෙ මම ඔයාට ආදරේයි" කියන දේ මේ තාත්තට පෙනුනා.
තමන්ගේ වෑරෑද්ද ගෑන පසුතෑවෙමින් හිටපු තාත්තට මේ දුක දරාගන්න බෑරි උනා
ඊලග දවසේ මේ තාත්තා සියදිවි හානි කර ගත්තා කියලා අහන්න ලෑබුනා.


මෙන්න මේ ටිකත් ඒ ඊමේල් එකේ අන්තිමට තිබුනා,


Things are to be used and people are to be loved.
The problem in today's world is that
People are used while things are loved.
Let's always try to keep this thought in mind:
Things are to be used,
People are to be loved.

07 August 2010

කපුකම


මේක සිරාවටම සිද්ද වෙච්ච සීන් එකක්. මේ සිද්ද්යට සම්බන්ද අයට වෑරදිලාවත් මේක දකින්න ලෑබෙන්න එපා. මොකද එහෙම උනොත් මට යන්න වෙන ග්‍රහ ලෝකයක් හොයන්නම වෙනවා.මෙන්න මෙකයි උනේ..


ඔන්න ඉතින් කලෙකට ඉස්සර අපේ කට්ටිය ට්‍රේනින් එකකට සෙට් වෙලා හිටියා...


ඔතන ඉතින් අපි විතරක්ම නෙමේ තව ගොඩක් කට්ටියත් හිටියා......


ඔය වගෙ තෑන් වල ඉන්නකොට අපේ අයටත් නිකන් ඉන්න බෑනෙ....


ලස්සන කෙල්ලෙක් දෑක්කම කොහොමටත්ම බෑනෙ.


ඉතින් අපේ ....මලාට මේක වෑඩි දවසක් හිතේ තියාගෙන ඉන්න බෑරි උනා....
එත් ඉතින් පොර තමන්ගෙ දුක කියගෙන ආවෙ අපේ ජිම්බා ලගට.........


ජිම්බා දන්න තරමක් කොන්දේසි ටික ඔක්කොම දාලා වෑඩේ බාරගත්තා....


කෙල්ල නිතරම හිටියේ එයාගෙ අක්කත් එක්ක, මේ හින්දම .....මලාගෙ බොක්ක කූල් වෙලා අක්කා වෑඩේට කොස්ස දායි කියලා......
ඒ හින්දම ජිම්බත් ටික දවසක් බලන් හිටියා අක්කා නෑති වෙලාවක් හොයගන්න.....අක්කත් හරියට ඉදිකට්ට පස්සෙන් නුල යනවා වගේ කෙල්ලගෙ පස්සෙන්ම යනවා. මේ වෑඩේ නිසා .....මලාට මල පෑනල.
කොච්චර කලත් ඔච්චර තමයි බන්, "වෙන දෙයක් වෙන්න කියලා දෑන්ම අහමු" පොරගෙ ඉවසීමෙ අන්තිම සීමාවත් පෑනල.
දෑන් අහලා හරි යන්නේ නෑ, මම වෙලාවට උබට වෑඩේ කරලා දෙන්නම් හෙට වෙනකල් ඉවසපන් කියලා ජිම්බා .....මලාව ශේප් කරගත්තා.


ඊලග දවසේ උදේ පාන්දරම වෑඩට බෑස්ස ජිම්බා දෑන් ඉතින් නෑකත එනකල් බලන් ඉන්නවා....


.....මලාට වඩා අපි සෙට් එක බයෙන් ඉන්නෙ ඊට පස්සෙ අපිට යන්න වෙන්නෙ මොන හෝටලයටද කියලා දන්නෙ නෑති නිසා.
දෑන් සෑහෙන වෙලාවක් ගිහින්,
ජිම්බා ගුටි කනවද දන්නේනෑ ගිහින් බලන්නම් කියලා හශානුත් ඒ පෑත්තට ගියා.


මෙතන ඉදන් කතාව කියන්නේ හශාන්......


" අඩේ බන් මම යනකොට ජිම්බා කෙල්ලත් එක්ක ලොකුවටම කඩයක් ඈරගෙන ඉන්නවා..."
"මම හිතුවේ ....මලාට වෙන එකෙක් හොයගන්න වෙයි කියලා..."
මම ගියා විතරයි මු කෙල්ලගෙන් ඈහුවේ නෑතෑ "ඔයා මෙයාට කෑමතිද කියලා"
මටත් නිකන් මහ දවලෙ හෙනයක් ගහුවා වගේ දෙයක් උනේ. එ අස්සේ කෙල්ල හිනාවෙලා බලන් ඉන්නවා.
කාන් අය්ය හොදටම බයවෙලා. එ සෑරේ මේ කෙල්ල කියනවා.
එහෙනම් ඔයා නිශන්තට කෑමතිද?
මoජුලට කෑමතිද?
ඒ කාටවත්ම කෑමති නෑතිනම් මටද කෑමති,
ඈගේ මයිල් කෙලින් වෙන ප්‍රශ්න තමා මු අහන්නෙත්, එවා ඔක්කොටම උත්තර දෙනවා කියන්නෙත් පහේ පන්තියේ ප්‍රශ්න වලට උත්තර දෙනවා වගේ තමා.
එක අහපු ගමන් කෙල්ලට කලන්තෙ හෑදෙයි කියලා මට හිතුනා.
මොකද දෙයියනේ මේ කොස් ඈටයක් තරම් කෙල්ලෙක් අලියෙක් වගේ එකෙකුට කොහොම කෑමති වෙන්නද
දෑන් දෑන් මේ යන ට්‍රෑක් එක එච්චරම හොද නෑ කියල මට හිතුනා.
මොනවා උනත් මු මොකද කරන්න යන්නේ කියලා බලාගන්න් ඔනේ නිසා මම සූදානම් ශරීරෙන් ජිම්බත් එක්කම හිටියා.
මේක නම් විහිලුවට නෙමේ අහන්නේ,
ඈත්තටම ...මල් ඔයාට කෑමතියි...
ඔයා මොකද ඒ ගෑන කියන්නෙ.
එකපාරටම උත්තරනම් ලබුනෙ නෑ,
එත් සතුටුදායක පිලිතුරක් පසුව ලබුනා.




ඔන්න ඔහොම තමයි අපේ ජිම්බා කපු වෑඩේ කලේ. එකට මහන්සි උන තරමට ඒක අපතේ ගියේ නෑ.....
අද මේ දෙන්නම එක තෑනක සතුටින් ඉන්නවා කියලා තමා රොයිටර් ආරන්චි මාර්ග පවසන්නේ.
^ Scroll to Top